ඉගෙනගෙන බිස්නස් කරමු - ව්යාපාර සාක්ෂරතාව හරහා ලාභදායී ව්යාපාරයක් කරා
Businessiskole.com වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දේ ලංකාවේ ව්යාපාරිකයන්, ව්යවසායකයන් විශාල පිරිසක් සහභාගී කරවාගෙන කරන ලද සමීක්ෂණයක ප්රතිඵලයක් අනුවය.
එම සමීක්ෂණය සිදු කිරීමේ අරමුණ වූයේ ශ්රී ලංකාවේ ව්යාපාර බොහොමයක් ඉතා ඉක්මනින් අඩපණ වීමට බලපානු ලබන හේතු මොනවාද යන්න පරීක්ෂා කිරීමය. ව්යාපාර අඩපණ වීමට, සම්පූර්ණයෙන්ම වැසී යෑමට, අපේක්ෂිත ලාභය නොලැබී යෑමට මෙන්ම සාමාන්ය මට්ටමින් හෝ තම ව්යාපාරය කරගෙන ගියද ඉතා දැඩි මානසික පීඩනයකින් යුතුව කටයුතු කිරීමට සිදු වී තිබීමට හේතු ලෙස ඉතා වැදගත් කරුණු ගණනාවක් මෙම සමීක්ෂණයෙන් හෙළි කර ගැනීමට අපට හැකි විය.
ඒවා නම් මෙම ව්යාපාරිකයන්,
සරලවම කියතොත් මෙම ව්යාපාර අති විශාල ප්රමාණයක් අසාර්ථක වීමට හේතුව ලෙස අපට හෙළි වූයේ මොවුන්ට ව්යාපාර සාක්ෂරතාව නොමැති වීමයි. එනම් ව්යාපාරයක් ආරම්භ කිරීමට, පවත්වාගෙන යෑමට, කළමනාකරණය කිරීමට හා වර්ධනය කිරීමට අවශ්ය මූලික දැනුම නොමැති වීමයි.
බිස්නස් ඉස්කෝලේ බිහිවන්නේ ඉහත දැක්වූ ගැටලු විසඳීමටය. එවැනි ව්යාපාරිකයන් හට ව්යාපාර සාක්ෂරතාව ලබා දීමටය. මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඇතුළත් ඉගැන්වීම් පොතේ න්යායන් පමණක්ම නොවී එම න්යායන් ප්රායෝගිකව අත්හදා බලා සකස් කරන ලද දේවල් වීමයි.
තවද අපගේ අරමුණ වන්නේ ශ්රී ලාංකික ව්යාපාරිකයන්, ව්යවසායකයන්, අලෙවිකරණ, දැන්වීම්කරණ, ගිණුම්කරණ, කළමනාකරණ හා නවීන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කොට ඔවුන්ගේ ව්යාපාර පාඩු නොලබන ලාභ ලබන ව්යාපාර බවට පරිවර්තනය කිරීමයි. එමඟින් සමස්ත ලෝකය පුරාම ශ්රී ලාංකේය වෙළෙඳ අධිරාජ්යයක් බිහි කිරීමට සරිලන ව්යාපාරිකයන්, ව්යවසායකයන්, නිෂ්පාදකයන් ලක්ෂ සංඛ්යාත පිරිසක් බිහි කිරීමට පෙරමුණ ගැනීමයි.
ඉතා ලාභදායී පාඨමාලා ගාස්තු අය කොට මෙම දැනුම ලබා දීමට හේතුව වන්නේද අපගේ දිරිය ව්යාපාරිකයන් මෙම කටයුත්තට වැඩි වැඩියෙන් දායක කර ගැනීමට අපට අත්යවශ්ය බැවිනි.
යන කියමන අද බොහෝ ව්යාපාරිකයන්ටද ගැළපෙන්නෙකි. මන්දයත් ඉහත දැක්වූ කරුණු නොදැන ව්යාපාර සිදු කළහොත් ඉක්මනින් එම ව්යාපාර පාඩු ලබා යෙදවූ මුදල්ද විනාශ වී යෑම නියත කරුණකි. එහෙත් දැනගෙන, ඉගෙනගෙන ව්යාපාර පවත්වාගෙන යන විට ඒවා ඉක්මනින් සාර්ථක කරගෙන, අපේක්ෂිත ලාභ ඉපයීමේ හැකියාවද නියත වශයෙන්ම පවතියි.